OOo-dev 3.4 මෙයකියවන්න

මෙම ගොනුවේ මෙම වැඩසටහන ගැන වැදගත් තොරතුරු අඩංගු වේ. වැඩ පටන් ගැනීමට ප්‍රථම කරුණාකර මෙම තොරතුරු කියවන්න.

OpenOffice.org ව්‍යාපෘතියට සම්බන්ධවීම පිළිබඳව පහත අංශයද කියවන්න.

OOo-dev ඇත්තෙන්ම ඕනෑම පරිශීලකයෙකුට නිදහස් ?

OOo-dev සෑම කෙනෙකුටම භාවිතා කිරීමට නිදහස ඇත. ඔබට OOo-devහි මෙම පිටපත ලබාගෙන ඔබ කැමති ඕනෑම පරිගණක සංඛ්‍යාවක ස්ථානය කර ඔබ කැමති ඕනෑම කාර්යයක් (වාණිජ, රාජ්‍ය, රාජ්‍ය පරිපාලනය සහ අධ්‍යාපනික භාවිත ඇතුළුව) සඳහා එය භාවිතා කළ හැක. වැඩි විස්තර සඳහා OOo-dev සමඟ බෙදා දෙන බලපත්‍ර පෙළ බලන්න හෝ

{PRODUCTNAME} ඕනෑම පරිශීලකයෙකුට නිදහස් වන්නේ ඇයි?

අද ඔබට OOo-devහි මෙම පිටපත නොමිළේ භාවිතා කළ හැක්කේ තනි දායකයින් සහ ඒකාබද්ධ අනුග්‍රාහකයින් OOo-dev අද පවතින තත්වයට පත් කිරීමට එය සැලසුම් කර, සංවර්ධනය කර, පරීක්ෂාකර, පරිවර්තනයකර, ලේඛනගත කර, සහය දක්වා, අළෙවි කර සහ වෙනත් බොහෝ ආකාර වලින් සහය දක්වා ඇත - ලෝකයේ ප්‍රමුඛ විවෘර කේත කාර්යාලීය මෘදුකාංගය.

ස්ථාපන සටහන්

පද්ධති අවශ්‍යතා

ඔබගේ පද්ධතියේ තාවකාලික නාමාවලියේ ප්‍රමාණවත් හිස් මතකය ඇති බවට සහ කියවීමේ, ලිවීමේ සහ ධාවනය කිරීමේ අයිතීන් ලබා දී ඇති බවට කරුණාකර සහතික කර ගන්න. ස්ථාපනය ආරම්භ කිරීමට ප්‍රථම අනෙක් සියළු වැඩසටහන් මකන්න.

දිගු දත්ත ගබඩා නොගැළපුම

OOo-devහි මෙම වෙළුමේදී Berkeley දත්ත ගබඩා එන්ජිම යාවත්කාල කර ඇත. දත්ත ගබඩා එන්ජිම යාවත්කාල කිරීම OOo-dev වෙළුම 3.2 ට පෙර සඳහා ස්ථාපනය කළ දිගු වල භාවිතා කරන්නාගේ දත්ත සමඟ නොගැළපුමක් ඇති කරනු ඇත. ඔබ ඔබගේ OOo-dev අවශ්‍රේණි ගත කළහොත් මෙයට ඔබගේ ක්‍රියාව අවශ්‍ය වනු ඇත.

OOo-dev හි මෙම වෙළුම දිගු ස්ථාපනය හෝ ඉවත් කළ විට ඔබගේ දිගු දත්ත ගබඩාව නව Berkeley දත්ත ගබඩා ආකෘතියට පරිවර්තනය කරනු ඇත. මෙම පරිවර්තනයෙන් පසුව, OOo-devහි පෙර වෙළුම් වලින් දත්ත ගබඩාව තවදුරටත් කියවිය නොහැක. පෙර වෙළුමකට අවශ්‍රේණි කිරීමේ ප්‍රතිඵලය දුෂ්කෘතික ස්ථාපනයක් වනු ඇත.

ඔබ OOo-devහි පෙර වෙළුමකට අවශ්‍රේණි කළොත්, ඔබ {user data}/uno_packages භාවිතා කරන්නාගේ දත්ත නාමාවලිය ඉවත් කළ යුතුය, උදාහරණයක් ලෙස ~/.openoffice.org/3/user/uno_packages, සහ සියළු දිගු නැවත ස්ථාපනය කළ යුතුය.

Mozilla ලිපිනපොත් ධාවකය

Mozilla ලිපින පොත් ධාවකයට SUNWzlib පැකේජය අවශ්‍ය වෙයි. මෙම පැකේජය අවම Solaris මෙහෙයුම් පද්ධති ස්ථාපනයේ කොටසක් නොවේ. ඔබට Mozilla ලිපින පොතට ප්‍රවේශ වීමට අවශ්‍ය නම් ස්ථාපන CD එකෙන් "pkgadd" විධානය ලබා දීමෙන් ඔබගේ Solaris මෙහෙයුම් පද්ධතියට මෙම පැකේජය එක් කරන්න.

යතුරුපුවරු කෙටිමං

OOo-devහි භාවිතා කළ හැක්කේ මෙහෙයුමෙ පද්ධතිය මඟින් භාවිතා නොකරන කෙටි මං යතුරු (යතුරු සංයෝග) පමණි. OOo-dev හි යතුරු සංයෝගයක් OOo-dev උදව් හි විස්තර කර ඇති ලෙස වැඩ නොකරයිනම්, එම කෙටි මඟ දැනටමත් මෙහෙයුම් පද්ධතිය මඟින් භාවිතා කර ඇත්දැයි පරීක්ෂා කරන්න. එවැනි ගැටීම් නිවැරදි කිරීමට ඔබට ඔබගේ මෙහෙයුමෙ පද්ධතියෙන් ආදේශ කළ යතුරු වෙනස් කළ හැක. විකල්ප ලෙස ඔබට OOo-dev හි සෑම යතුරු ආදේශ කිරීමක්ම වාගේ වෙනස් කළ හැක. මෙම මාතෘකාව යටතේ වැඩි විස්තර සඳහා OOo-dev උදව් හෝ ඔබගේ මෙහෙයුම් පද්ධතියේ ලේඛණයට යොමු වෙන්න.

ගොනුව අගුලු දැමීම

අනතුරු ඇඟවීම: සක්‍රිය කළ ගොනු ඇඟුලු ලෑමේ විශේෂාංගය Solaris 2.5.1 සමඟ සම්බන්ධව Linux NFS 2.0 භාවිතා කිරීමේදී ප්‍රශ්න ඇති කළ හැක. ඔබගේ පද්ධති පාරිසරිකයේ මෙම පරාමිතීන් තිබේනම්, ඔබ ගොනු අඟුලු ලෑමේ විශේෂාංගය භාවිතා කිරීමෙන් වැළකෙන බවට අපි ඔබට තරයේ නිර්දේශ කරමු. එසේ නොමැති වුවොත්, ඔබ Linux පරිගණකයකින් NFS ලෙස සවි කළ නාමාවලියක ගොනුවක් විවෘත කිරීමට උත්සහ කිරීමේදී OOo-dev වැඩ නොකරනු ඇත.

වැදගත් ප්‍රවේශ්‍යතා සටහන්

ලියාපදිංචිය

ඔබ මෘදුකාංගය ස්ථාපනය කිරීමේදී අවම නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට කරුණාකර කුඩා කාලයක් වැය කරන්න. ලියාපදිංචිය වෛකල්පික වන නමුත් වඩා හොඳ මෘදුකාංග පෙලක් සෑදීමට සහ භාවිතා කරන්නන්ගේ අවශ්‍යතා සෘජුව ඇමතීමට තොරතුරු වැදගත් වන නිසා අපි ඔබට ලියාපදිංචි වීමට අනුබල දෙමු. ඔබගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට හැකි සෑම පූර්වෝපායක්ම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය හරහා OOo-dev ප්‍රජාව ගනී. ඔබට ස්ථාපනයේදී ලියාපදිංවි වීම මඟහැරුනි නම් ඔබට ඕනෑම අවස්ථාවක ප්‍රධාන මෙනුවෙන් "උදව් > ලියාපදිංචිය" තේරීමෙන් ලියාපදිංචි විය හැක.

පරිශීලක සමීක්ෂණය

අපි ඔබට පිරවීමට අනුබල දෙන භාවිතා කරන්නන්ගේ සමීක්ෂණයක් මාර්ගගතව පිහිටුවා ඇත. භාවිතා කරන්නන්ගේ සමීක්ෂණයේ ප්‍රතිඵල ඊළඟ පරම්පරාවේ කාර්යාලීය පෙල සඳහා OOo-dev හි නව සම්මත සැකසීමට උපකාර වනු ඇත. ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය හරහා {PRODUCTNAME} හි ප්‍රජාව සෑම පූර්වෝපායක්ම ගනු ඇත.

පරිශීලක සහාය

OOo-dev වියුණු අඩවිය දෝෂ සහ ප්‍රශ්න වාර්තා කිරීම, ලුහුබැඳීම සහ නිරාකරණය කිරීම සඳහා අපගේ උපක්‍රමය වන IssueZilla පවත්වාගෙන යයි. අපි ඔබගේ වේදිකාවේ පැන නඟින දෝෂ වාර්තා කිරීමට සියළු භාවිතා කරන්නන්ට අනුබල දෙයි. කාර්යක්ෂම දෝෂ වාර්තා කිරීම පෙලේ අඛණ්ඩ සංවර්ධනයට සහ අභිවෘද්ධියට භාවිතා කරන්නන්ගේ ප්‍රජාවට සිදු කළ හැකි වැදගත් දායකවීම් වලින් එකකි.

දායකවන අයුර

මෙම වැදගත් විවෘත කේත ව්‍යාපෘතියේ සංවර්ධනයට ඔබගේ සක්‍රිය සහභාගීත්වය OOo-dev ප්‍රජාට බොහෝ සේ උපකාර වනු ඇත.

භාවිතා කරන්නෙක් ලෙස ඔබ දැනටමත් මෙම පෙලේ සංවර්ධන ක්‍රියාවලියේ වටිනා කොටසක් වන අතර අපි ඔබට දිගු කාලීන දායකයෙක් වීමේ දැක්ම ඇතිව වඩා සක්‍රීය භූමිකාවක් ලබා ගැනීමට අනුබල දෙමු. කරුණාකර සම්බන්ධ වී භාවිත කරන්නන්ගේ පිටුව පරීක්ෂා කරන්න:

ආරම්භ කිරීමට මග

දාකය වීමට හොදම ආකාරය තැපැල් ලැයිස්තු එකකට හෝ කීපයකට දායක වීම, සුළු කාලයක් රැක සිටීම සහ OOo-dev හි මූල කේතය නිකුත් කළ 2000 ඔක්තෝබර් මාසයේ සිට ආවරණය කළ බොහෝ මාතෘකා පිළිබඳ දැනුම ලබා ගැනීමට ක්‍රම ක්‍රමයෙන් තැපැල් ලේඛනාගාරය භාවිතා කිරීමයි. ඔබ සූදානම් වූ පසු ඔබට කිරීමට ඇත්තේ ඔබව හදුන්වා දෙමින් විද්‍යුත් තැපැල් ලිපියක් එවීම සහ කෙලින්ම ඇතුල් වීමයි. ඔබට විවෘත කේත ව්‍යාපෘති පිළිබඳ දැනීමක් ඇත්නම් අපගේ කිරීමට ඇති වැඩ ලැයිස්තුවේ අපට උදව් කල හැකි ඔබ කැමති කිසිවක් තිබේදැයි බලන්න

දායාකත්වය

ව්‍යාපෘති එකකට හෝ කිහිපයකට සහභාගී වන්න

ඔබට සීමිත මෘදුකාංග සැලසුම් හෝ කේතනය කිරීමේ අත්දැකීම් තිබුණත් ඔබට මෙම වැදගත් විවෘත කේත ව්‍යාපෘතියට විශාල දායකත්වයක් ලබා දිය හැක. ඔව් ඔබට පුළුවන්!

ඔබට දේශීයකරණය, Porting, Groupware සිට සමහර තාත්වික මූලික කේතන ව්‍යාපෘති තෙක් පරාසයක ව්‍යාපෘති හමුවනු ඇත. ඔබ සංවර්ධකයෙක් නොවේ නම් ලේඛනගත කිරීමේ හෝ අළෙවිකරණ ව්‍යාපෘති උත්සහ කරන්න. OPenOffice.org අළෙවිකරණ ව්‍යාපෘතිය විවෘත කේත මෘදුකාංග ගරිල්ලා සහ සාම්ප්‍රදායික වානිජ තාක්ෂනික ක්‍රම යන දෙකම යොදවන අතර අපි එය භාෂා සහ සංස්කෘතික බැමි හරහා සිදු කරන්නෙමු. එම නිසා ඔබට ඔබගේ මිතුරෙකුට මෙම කාර්යාලීය පෙල ගැන පැවසීමෙන් උදව් කළ හැක.

ඔබ නව OOo-dev 3.4 සමඟ වැඩ කිරීමෙන් ප්‍රයෝජනයක් ලබනු ඇති බවට සහ ඔබ අප සමඟ මාර්ගගතව සම්බන්ධවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

OpenOffice.org ප්‍රජාව

භාවිතා කල / වෙනස්කල මූල කේත

Portions Copyright 1998, 1999 James Clark. Portions Copyright 1996, 1998 Netscape Communications Corporation.