------------------------------------------------------------
ආයුබෝවන්
------------------------------------------------------------

------------------------------------------------------------
OpenOffice.org 3.2 මෙයකියවන්න
------------------------------------------------------------

මෙම මෙය කියවන්න ගොනුවේ නවතම යාවත්කාල කිරීම් සඳහා, බලන්නhttp://www.openoffice.org/welcome/readme.html
දයාබර භාවිතා කරන්න

මෙම ගොනුවේ මෙම වැඩසටහන ගැන වැදගත් තොරතුරු අඩංගු වේ. වැඩ පටන් ගැනීමට ප්‍රථම කරුණාකර මෙම තොරතුරු කියවන්න.

OpenOffice සංවර්ධනයට වගකිය යුතු OpenOffice.org සංසදය ඔබට ප්‍රජා සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට ආරාධනා කිරීමට කැමතියි. නව භාවිතා කරන්නෙක් ලෙස මෙහිදී ප්‍රයෝජනවත් භාවිතා කරන්නන්ගේ තොරතුරු සඳහා OpenOffice.org අඩවිය පරීක්ෂා කළ හැක.
http://www.openoffice.org/about_us/introduction.html 
OpenOffice.org ව්‍යාපෘතියට සම්බන්ධවීම පිළිබඳව පහත අංශයද කියවන්න.

------------------------------------------------------------
OpenOffice.org ඇත්තෙන්ම ඕනෑම පරිශීලකයෙකුට නිදහස් ? 
------------------------------------------------------------

OpenOffice.org සෑම කෙනෙකුටම භාවිතා කිරීමට නිදහස ඇත. ඔබට OpenOffice.orgහි මෙම පිටපත ලබාගෙන ඔබ කැමති ඕනෑම පරිගණක සංඛ්‍යාවක ස්ථානය කර ඔබ කැමති ඕනෑම කාර්යයක් (වාණිජ, රාජ්‍ය, රාජ්‍ය පරිපාලනය සහ අධ්‍යාපනික භාවිත ඇතුළුව) සඳහා එය භාවිතා කළ හැක. වැඩි විස්තර සඳහා OpenOffice.org සමඟ බෙදා දෙන බලපත්‍ර පෙළ බලන්න හෝhttp://www.openoffice.org/license.html 
------------------------------------------------------------
{PRODUCTNAME} ඕනෑම පරිශීලකයෙකුට නිදහස් වන්නේ ඇයි?
------------------------------------------------------------

අද ඔබට OpenOffice.orgහි මෙම පිටපත නොමිළේ භාවිතා කළ හැක්කේ තනි දායකයින් සහ ඒකාබද්ධ අනුග්‍රාහකයින් OpenOffice.org අද පවතින තත්වයට පත් කිරීමට එය සැලසුම් කර, සංවර්ධනය කර, පරීක්ෂාකර, පරිවර්තනයකර, ලේඛනගත කර, සහය දක්වා, අළෙවි කර සහ වෙනත් බොහෝ ආකාර වලින් සහය දක්වා ඇත - ලෝකයේ ප්‍රමුඛ විවෘර කේත කාර්යාලීය මෘදුකාංගය.
ඔබ ඔවුන්ගේ උත්සාහය අගය කරනවානම් සහ අනාගතයේදී OpenOffice.org හි පැවතීම සුරක්ෂිත කිරීමට කැමති නම් කරුණාකර ව්‍යාපෘතියට දායක වෙන්න - බලන්නhttp://contributing.openoffice.orgතොරතුරු සඳහා. සෑම කෙනෙකුටම ලබාදිය හැකි දායකත්වයක් ඇත.

------------------------------------------------------------
ස්ථාපන සටහන්
------------------------------------------------------------

පද්ධති අවශ්‍යතා

- Solaris 10 මෙහෙයුම් පද්ධතිය (SPARC platform) හෝ ඉහළ
- 256 MB RAM (512 MB RAM නිර්දේශිතයි)
- 480 MB නිදහස් දෘඩ තැටි ඉඩ
- චීන, ජපන් හා කොරියානු සංස්කරණ: 480 MB තැටි ඉඩක් අවශ්‍යයි
- 1024x768 (ඉහල නිර්දේශිතයි) X සර්වරයක්. අවම වශයෙන් වර්ණ 256ක් සමග
- කවුළු කළමනාකරු
- උපකාර තාක්ෂණ මෙවලම් (AT මෙවලම්)හි සහය සඳහා gail 1.8.6 සහ at-spi 1.7 පැකේජ සමඟ Gnome 2.6 හෝ උසස් පැකේජය අවශ්‍ය වේ

------------------------------------------------------------
දිගු දත්ත ගබඩා නොගැළපුම
------------------------------------------------------------

OpenOffice.orgහි මෙම වෙළුමේදී Berkeley දත්ත ගබඩා එන්ජිම යාවත්කාල කර ඇත. දත්ත ගබඩා එන්ජිම යාවත්කාල කිරීම  OpenOffice.org වෙළුම 3.2 ට පෙර සඳහා ස්ථාපනය කළ දිගු වල භාවිතා කරන්නාගේ දත්ත සමඟ නොගැළපුමක් ඇති කරනු ඇත. ඔබ ඔබගේ  OpenOffice.org අවශ්‍රේණි ගත කළහොත් මෙයට ඔබගේ ක්‍රියාව අවශ්‍ය වනු ඇත.

OpenOffice.org හි මෙම වෙළුම දිගු ස්ථාපනය හෝ ඉවත් කළ විට ඔබගේ දිගු දත්ත ගබඩාව නව Berkeley දත්ත ගබඩා ආකෘතියට පරිවර්තනය කරනු ඇත. මෙම පරිවර්තනයෙන් පසුව, OpenOffice.orgහි පෙර වෙළුම් වලින් දත්ත ගබඩාව තවදුරටත් කියවිය නොහැක. පෙර වෙළුමකට අවශ්‍රේණි කිරීමේ ප්‍රතිඵලය දුෂ්කෘතික ස්ථාපනයක් වනු ඇත.

ඔබ OpenOffice.orgහි පෙර වෙළුමකට අවශ්‍රේණි කළොත්, ඔබ {user data}/uno_packages භාවිතා කරන්නාගේ දත්ත නාමාවලිය ඉවත් කළ යුතුය, උදාහරණයක් ලෙස ~/.openoffice.org/3/user/uno_packages, සහ සියළු දිගු නැවත ස්ථාපනය කළ යුතුය.

------------------------------------------------------------
වැඩසටහන ආරම්භ කිරීමේ වරදක්
------------------------------------------------------------

OpenOffice.org ආකෘතියේදී, OpenOffice.org 1.x සහ OpenOffice.org 3.2 අතර ඇමුණුම් පුවරුව හරහා පිටපත් කිරීම සහ ඇලවීම වැඩ නොකරනු ඇත. එසේ සිදු වුවොත්, 'සකසන්න - විශේෂ ලෙස අලවන්න' තෝරා OpenOffice.org හැර වෙනත් ආකෘතියක් තෝරන්න හෝ ලිපිය සෘජුවම OpenOffice.org 3.2 මඟින් විවෘත කරන්න.

ඔබගේ පද්ධතියේ තාවකාලික නාමාවලියේ ප්‍රමාණවත් හිස් මතකය ඇති බවට සහ කියවීමේ, ලිවීමේ සහ ධාවනය කිරීමේ අයිතීන් ලබා දී ඇති බවට කරුණාකර සහතික කර ගන්න. ස්ථාපනය ආරම්භ කිරීමට ප්‍රථම අනෙක් සියළු වැඩසටහන් මකන්න.

------------------------------------------------------------
Mozilla ලිපිනපොත් ධාවකය
------------------------------------------------------------

Mozilla ලිපින පොත් ධාවකයට SUNWzlib පැකේජය අවශ්‍ය වෙයි. මෙම පැකේජය අවම Solaris මෙහෙයුම් පද්ධති ස්ථාපනයේ කොටසක් නොවේ. ඔබට Mozilla ලිපින පොතට ප්‍රවේශ වීමට අවශ්‍ය නම් ස්ථාපන CD එකෙන් "pkgadd" විධානය ලබා දීමෙන් ඔබගේ Solaris මෙහෙයුම් පද්ධතියට මෙම පැකේජය එක් කරන්න.

------------------------------------------------------------
යතුරුපුවරු කෙටිමං
------------------------------------------------------------

OpenOffice.orgහි භාවිතා කළ හැක්කේ මෙහෙයුමෙ පද්ධතිය මඟින් භාවිතා නොකරන කෙටි මං යතුරු (යතුරු සංයෝග) පමණි. OpenOffice.org හි යතුරු සංයෝගයක් OpenOffice.org උදව් හි විස්තර කර ඇති ලෙස වැඩ නොකරයිනම්, එම කෙටි මඟ දැනටමත් මෙහෙයුම් පද්ධතිය මඟින් භාවිතා කර ඇත්දැයි පරීක්ෂා කරන්න. එවැනි ගැටීම් නිවැරදි කිරීමට ඔබට ඔබගේ මෙහෙයුමෙ පද්ධතියෙන් ආදේශ කළ යතුරු වෙනස් කළ හැක. විකල්ප ලෙස ඔබට OpenOffice.org හි සෑම යතුරු ආදේශ කිරීමක්ම වාගේ වෙනස් කළ හැක. මෙම මාතෘකාව යටතේ වැඩි විස්තර සඳහා OpenOffice.org උදව් හෝ ඔබගේ මෙහෙයුම් පද්ධතියේ ලේඛණයට යොමු වෙන්න.

බහු වේදිකා වල ආදාන ආකාරයේ මං මාරු සමඟ ගැටීමක් හේතුවෙන් පහත කෙටි මං යතුර අවසාන මොහොතේ වෙනස් කිරීමට සිදු විය:

- Ctrl-Space දැන් Ctrl-Shift-Space
- Ctrl-Shift-Space දැන් Ctrl-M

------------------------------------------------------------
ගොනුව අගුලු දැමීම
------------------------------------------------------------

OpenOffice.org හි පෙරනිමි සැකසීම් වල ගොනු අගුළු ලෑම ක්‍රියාත්මක කර ඇත. එය අක්‍රිය කිරීමට ඔබට අදාල පාරිසරික විචල්‍ය වන SAL_ENABLE_FILE_LOCKING=0 සකසා SAL_ENABLE_FILE_LOCKING නිර්යාත කිරීමට සිදුවේ. මෙම ප්‍රවේශ soffice ස්ක්‍රිපිට් ගොනුවේ දැනටමත් සක්‍රිය ආකාරයේ පවතී.

අනතුරු ඇඟවීම: සක්‍රිය කළ ගොනු ඇඟුලු ලෑමේ විශේෂාංගය Solaris 2.5.1 සමඟ සම්බන්ධව Linux NFS 2.0 භාවිතා කිරීමේදී ප්‍රශ්න ඇති කළ හැක. ඔබගේ පද්ධති පාරිසරිකයේ මෙම පරාමිතීන් තිබේනම්, ඔබ ගොනු අඟුලු ලෑමේ විශේෂාංගය භාවිතා කිරීමෙන් වැළකෙන බවට අපි ඔබට තරයේ නිර්දේශ කරමු. එසේ නොමැති වුවොත්, ඔබ Linux පරිගණකයකින් NFS ලෙස සවි කළ නාමාවලියක ගොනුවක් විවෘත කිරීමට උත්සහ කිරීමේදී OpenOffice.org වැඩ නොකරනු ඇත.

------------------------------------------------------------
වැදගත් ප්‍රවේශ්‍යතා සටහන්
------------------------------------------------------------

OpenOffice.org හි ප්‍රවේශ්‍යතා ගුණාංග ගැන තොරතුරු සඳහා, බලන්න
http://www.openoffice.org/access/.

------------------------------------------------------------
ලියාපදිංචිය 
------------------------------------------------------------

ඔබ මෘදුකාංගය ස්ථාපනය කිරීමේදී අවම නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට කරුණාකර කුඩා කාලයක් වැය කරන්න. ලියාපදිංචිය වෛකල්පික වන නමුත් වඩා හොඳ මෘදුකාංග පෙලක් සෑදීමට සහ භාවිතා කරන්නන්ගේ අවශ්‍යතා සෘජුව ඇමතීමට තොරතුරු වැදගත් වන නිසා අපි ඔබට ලියාපදිංචි වීමට අනුබල දෙමු. ඔබගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට හැකි සෑම පූර්වෝපායක්ම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය හරහා OpenOffice.org ප්‍රජාව ගනී. ඔබට ස්ථාපනයේදී ලියාපදිංවි වීම මඟහැරුනි නම් ඔබට ඕනෑම අවස්ථාවක ප්‍රධාන මෙනුවෙන් "උදව් > ලියාපදිංචිය" තේරීමෙන් ලියාපදිංචි විය හැක.
------------------------------------------------------------
පරිශීලක සමීක්ෂණය
------------------------------------------------------------

අපි ඔබට පිරවීමට අනුබල දෙන භාවිතා කරන්නන්ගේ සමීක්ෂණයක් මාර්ගගතව පිහිටුවා ඇත. භාවිතා කරන්නන්ගේ සමීක්ෂණයේ ප්‍රතිඵල ඊළඟ පරම්පරාවේ කාර්යාලීය පෙල සඳහා OpenOffice.org හි නව සම්මත සැකසීමට උපකාර වනු ඇත. ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය හරහා {PRODUCTNAME} හි ප්‍රජාව සෑම පූර්වෝපායක්ම ගනු ඇත.

------------------------------------------------------------
පරිශීලක සහාය
------------------------------------------------------------

ප්‍රධාන සහාය පිටුවhttp://support.openoffice.org/OpenOffice.orgට උදව් කිරීම සඳහා විවිධ හැකියාවන් ඉදිරිපත් කරයි. ඔබගේ ප්‍රශ්නය දැනටමත් පිළිතුරු සපයා තිබිය හැක - ප්‍රජා සංසදය පරීක්ෂා කරන්න.http://user.services.openoffice.orgහෝ මෙහි ඇති 'users@openoffice.org' තැපැල් ලැයිස්තුවේ ලේඛනාගාරයේ සොයන්නhttp://www.openoffice.org/mail_list.html. ඊට අමතරව, ඔබට ඔබේ ගැටළු එවිය හැකියිusers@openoffice.orgලැයිස්තුවට (විද්‍යුත් තැපැල් ප්‍රතිචාරයක් ලැබීමට) දායක වන්නේ කෙසේදැයි යන්න මෙම පිටුවේ විස්තර කර ඇත:http://wiki.services.openoffice.org/wiki/Website/Content/help/mailinglists.

හි නිති ඇසන පැණ අංශයද පරීක්ෂා කරන්නhttp://wiki.services.openoffice.org/wiki/Documentation/FAQ.

------------------------------------------------------------
දෝෂ සහ ප්‍රශ්න වාර්තා කරන්න
------------------------------------------------------------

OpenOffice.org වියුණු අඩවිය දෝෂ සහ ප්‍රශ්න වාර්තා කිරීම, ලුහුබැඳීම සහ නිරාකරණය කිරීම සඳහා අපගේ උපක්‍රමය වන IssueZilla පවත්වාගෙන යයි. අපි ඔබගේ වේදිකාවේ පැන නඟින දෝෂ වාර්තා කිරීමට සියළු භාවිතා කරන්නන්ට අනුබල දෙයි. කාර්යක්ෂම දෝෂ වාර්තා කිරීම පෙලේ අඛණ්ඩ සංවර්ධනයට සහ අභිවෘද්ධියට භාවිතා කරන්නන්ගේ ප්‍රජාවට සිදු කළ හැකි වැදගත් දායකවීම් වලින් එකකි.

------------------------------------------------------------
දායකවන අයුර 
------------------------------------------------------------

මෙම වැදගත් විවෘත කේත ව්‍යාපෘතියේ සංවර්ධනයට ඔබගේ සක්‍රිය සහභාගීත්වය OpenOffice.org ප්‍රජාට බොහෝ සේ උපකාර වනු ඇත.

භාවිතා කරන්නෙක් ලෙස ඔබ දැනටමත් මෙම පෙලේ සංවර්ධන ක්‍රියාවලියේ වටිනා කොටසක් වන අතර  අපි ඔබට දිගු කාලීන දායකයෙක් වීමේ දැක්ම ඇතිව වඩා සක්‍රීය භූමිකාවක් ලබා ගැනීමට අනුබල දෙමු. කරුණාකර සම්බන්ධ වී භාවිත කරන්නන්ගේ පිටුව පරීක්ෂා කරන්න:http://www.openoffice.org 

------------------------------------------------------------
ආරම්භ කිරීමට මග
------------------------------------------------------------

දාකය වීමට හොදම ආකාරය තැපැල් ලැයිස්තු එකකට හෝ කීපයකට දායක වීම, සුළු කාලයක් රැක සිටීම සහ OpenOffice.org හි මූල කේතය නිකුත් කළ 2000 ඔක්තෝබර් මාසයේ සිට ආවරණය කළ බොහෝ මාතෘකා පිළිබඳ දැනුම ලබා ගැනීමට ක්‍රම ක්‍රමයෙන් තැපැල් ලේඛනාගාරය භාවිතා කිරීමයි. ඔබ සූදානම් වූ පසු ඔබට කිරීමට ඇත්තේ ඔබව හදුන්වා දෙමින් විද්‍යුත් තැපැල් ලිපියක් එවීම සහ කෙලින්ම ඇතුල් වීමයි. ඔබට විවෘත කේත ව්‍යාපෘති පිළිබඳ දැනීමක් ඇත්නම් අපගේ කිරීමට ඇති වැඩ ලැයිස්තුවේ අපට උදව් කල හැකි ඔබ කැමති කිසිවක් තිබේදැයි බලන්නhttp://development.openoffice.org/todo.html.

------------------------------------------------------------
දායාකත්වය
------------------------------------------------------------

ඔබට දායක විය හැකි ව්‍යාපෘති තැපැල් ලැයිස්තු වලින් කීපයක් මෙහි ඇත.http://www.openoffice.org/mail_list.html
- ප්‍රවෘත්ති: announce@openoffice.org *සියළු භාවිතා කරන්නන්ට නිර්දේශිතයි* (සැහැල්ලු ගමනාගමනය)
- ප්‍රධාන භාවිතා කරන්නන්ගේ සංසදය: user@openoffice.org *සාකච්ඡාවල රැදී සිටීමට පහසු මඟක්* (බරපතළ ගමනාගමනය)
- ව්‍යාපෘතිය අලෙවිකරණය: dev@marketing.openoffice.org *සංවර්ධනයට එහා* (බරපතළ වෙමින් පවතී) 
- සාමාන්‍ය කේත දායකයන්ගේ ලැයිස්තුව: dev@openoffice.org (මධ්‍යම/බරපතළ) 

------------------------------------------------------------
ව්‍යාපෘති එකකට හෝ කිහිපයකට සහභාගී වන්න
------------------------------------------------------------

ඔබට සීමිත මෘදුකාංග සැලසුම් හෝ කේතනය කිරීමේ අත්දැකීම් තිබුණත් ඔබට මෙම වැදගත් විවෘත කේත ව්‍යාපෘතියට විශාල දායකත්වයක් ලබා දිය හැක. ඔව් ඔබට පුළුවන්!

හීhttp://projects.openoffice.org/index.htmlඔබට දේශීයකරණය, Porting, Groupware සිට සමහර තාත්වික මූලික කේතන ව්‍යාපෘති තෙක් පරාසයක ව්‍යාපෘති හමුවනු ඇත. ඔබ සංවර්ධකයෙක් නොවේ නම් ලේඛනගත කිරීමේ හෝ අළෙවිකරණ ව්‍යාපෘති උත්සහ කරන්න. OPenOffice.org අළෙවිකරණ ව්‍යාපෘතිය විවෘත කේත මෘදුකාංග ගරිල්ලා සහ සාම්ප්‍රදායික වානිජ තාක්ෂනික ක්‍රම යන දෙකම යොදවන අතර අපි එය භාෂා සහ සංස්කෘතික බැමි හරහා සිදු කරන්නෙමු. එම නිසා ඔබට ඔබගේ මිතුරෙකුට මෙම කාර්යාලීය පෙල ගැන පැවසීමෙන් උදව් කළ හැක.

මෙහිදී ඔබට අලෙවිකරණ සන්නිවේදන සහ තොරතුරු ජාලයට සම්බන්ධවීමෙන් උදව් කළ හැක:http://marketing.openoffice.org/contacts.html ඔබගේ රටේ හෝ පෙදෙසි ප්‍රජාවේ මාධ්‍ය, රාජ්‍ය නියෝජිත ආයතන, උපදේශක, පාසල්, ලිනක්ස් භාවිතා කරන්නන්ගේ හවුල් සමඟ ලක්ෂ සන්නිවේදන සම්බන්ධතා ඔබට සැපයිය හැකි තැන.

ඔබ නව OpenOffice.org 3.2 සමඟ වැඩ කිරීමෙන් ප්‍රයෝජනයක් ලබනු ඇති බවට සහ ඔබ අප සමඟ මාර්ගගතව සම්බන්ධවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

OpenOffice.org ප්‍රජාව

------------------------------------------------------------
භාවිතා කල / වෙනස්කල මූල කේත
------------------------------------------------------------

Portions Copyright 1998, 1999 James Clark. Portions Copyright 1996, 1998 Netscape Communications Corporation.